තලෙයිබාන්වරු කාන්තා නිදහස

 නැති කරයිද

 

තලෙයිබාන් නියෝගයකින් ඇෆ්ගනිස්ථානයේ රූපලාවණ්යාගාර තහනම් කෙරෙයි.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් මුහුණ දෙන නවතම සීමාකිරීම නම්, රූපලාවණ්යාගාර වසා දැමීමට තලිබාන් සංවිධානය නියෝගකර තිබීම දැක්විය හැකිය.

 

                                                    මෙය ක්‍රියාත්මක කිරීම සඳහා, මේ පිළිබඳව ප්‍රථම වරට දැනුම් දුන් ජූලි දෙවන දා සිට මාසයක කාලයක් ලබා දී ඇති බව දුරාචාර සහ ගුණධර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු කාන්තා නිදහස වේගයෙන් සීමා කෙරිණි. ඔවුන් නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමර, ව්‍යායාම් ශාලා සහ උද්‍යානවලට ඇතුළුවීම තහනම් කර ඇති අතර, කාන්තාවන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීම පවා මෑතකදී තහනම් කර ඇත. කාන්තාවන් ඔවුන්ගේ ඇස් පමණක් පිටතට පෙනෙන ආකාරයට ඇඳුම් ඇඳිය යුතු බව ත්, ඔවුන් කිලෝමීටර් 72 වැඩි දුරක් ගමන් කරන්නේ නම් පිරිමි ඥාතියෙකු සමග යා යුතු බව ත් නියෝග කර තිබේ. කාන්තාවන් මෙන් , ඔවුන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරීන්ගේ විරෝධතාවන් , ජාත්‍යන්තර හෙළාදැකීම් නොතකා එම සීමාවන් දිගට ක්‍රියාත්මක වෙයි.

 

 

                                                   1996 - 2001 සමයේ තලෙයිබාන් වරු අවසන් වරට බලයේ සිටිය දී ඔවුන් විසින් පනවන ලද පුළුල් පරාසයක සීමාවන් අතර රූපලාවණ්‍යාගාර වසා දැමීම එකකි. එහෙත්, 2001 වසරේ ඇමෙරිකාව විසින් මෙහෙයවන ලද ඇෆ්ගනිස්ථාන ආක්‍රමණයෙන් පසු ගත වූ වසර කිහිපය තුළ ඒවා නැවත විවෘත විය. නව තහනම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, නම සඳහන් නොකළ ඇෆ්ගනිස්ථාන කාන්තාවක, "  එක ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ මූලික මානව හිමිකම් ඉවත් කරමින් ඉන්නවා,"යි බීබීසී වෙත පැවසුවා .

                                                         "උන් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය කරනවා. මේ තීරණයෙන්, කාන්තාවක් තව ත් කාන්තාවකට සේවය කරන එකත් අහිමි කරලා තියෙනවා. මේ ප්‍රවෘත්තිය අහපු ගමන් මම ෂොක් වුණා.

"මේකෙන් පේන්නේ, තලිබාන් එකට කාන්තාවන්ගේ සිරුරු ගැන හිතනවාට වඩා වෙනත් දේශපාලනික සැලසුමක් නෑ කියන එක යි. උන් උත්සහ කරන්නේ හැම ආකාරයකින් කාන්තාවන්ගේ පොදු ජීවිතයට වැට බඳින්න යි."

වසර දෙකකට පෙර ඇමෙරිකානු හමුදා ඉවත් වීමෙන් පසු තාලිබාන් යළි බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව රූපලාවණ්‍යාගාර ක්‍රියාත්මක විය. කෙසේ වෙත ත්, එම සාප්පුවල ජනේල ආවරණය කර ඇති අතර, රූපලාවණ්‍යාගාරවල පිටත ප්‍රදර්ශනය කරන කාන්තාවන්ගේ රූපවල මුහුණු වැසී යන පරිදි තීන්ත ආලේප කර තිබේ.

                                                                

                                                       මෙම තහනමට බලපෑ කරුණු මොනවා යන්න හෝ, රූපලාවණ්‍යාගාර වසා දැමීමෙන් පසු සඳහා දෙන විකල්ප මොනවා යන්න පිළිබඳව තලිබාන් රජය පැහැදිලි කිරීමක් කර නැත.

නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි තව ත් ඇෆ්ගනිස්ථාන කාන්තාවක පැවසුවේ, කාබුල් සහ වෙනත් ප්‍රදේශවල පිහිටි රූපලාවණ්‍යාගාර වසා දමන බවට සිය හිතවතුන් තහවුරු කර ඇති බව . "මේක ඇෆ්ගනිස්ථාන කාන්තාවන් වැඩිපුර තිගැස්සෙන තව ත් ප්‍රවෘත්තියක්," ඇය බීබීසී පුවත් සේවයට පැවසීය. "මම එළියට ගිහින් බැලුවා. මම ඉන්න පැත්තේ හැම සැලෝන් එකක් වහලා දාලා."

 

 

 

 

තලෙයිබාන් යටතේ දරු ප්‍රසූතිය

 

රබියා, සිය අලුත උපන් දරුවා තොටිල්ලේ හොවා නලවමින් සිටින්නීය. මීට දින කීපයකට පෙර, රබියා විසින් මේ දරුවා ප්‍රසූත කරන ලද්දේ ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ නන්ගර්හාර් ප්රාන්තයේ පිහිටි කුඩා රෝහලකදී .

 

 

                                                        "මේ මගේ තුන්වැනි ළමයා. නමුත් මේ අත්දැකීම සම්පුර්ණයෙන් වෙනස් එකක්. ඒක හරිම භයංකාර එකක් වුණා." ඇය පැවසුවාය.

රබියා ඇතුළත් කරනු ලැබූ රෝහලේ ප්‍රසූත ඒකකය සතුව තිබූ සේවා පහසුකම් දින කීපයක ඇවෑමෙන් අවම මට්ටමට පත් විය. ඇයට වේදනා නාශක නොලැබිණි. අවශ්‍ය වෙනත් ඖෂධ නොලැබිණි. අහාර සැපයීමක් සිදු නොවුණි. මෙම ප්‍රදේශයේ විදුලි බලය විසන්ධි කර තිබුණි. රෝහල සතුව පැවැති ජෙනරේටරය (විදුලි උත්පාදක යන්ත්‍රය) ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නිම වී හමාරය. මෙම රෝහල් ගොඩනැගිල්ල තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ක් දක්වා ඉහළ නැග තිබුණි."අපි හැමෝගෙම ඉහේ ඉඳන් දෙපතුළ දක්වා දාඩිය වැක්කෙරෙනවා." රබියාගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් කටයුතු කළ සාත්තු සේවිකාව පැවසීය. ඇය වින්නඹු රාජකාරිය සිදු කළේ ජංගම දුරකතනයේ විදුලි එළිය දල්වාගෙනය.

"එය මගේ සේවා කාලය තුළ මම ලැබූ නරකම අත්දැකීමක්. ඒක හරිම වේදනාකාරියි. නමුත් තාලිබාන් ආව දවසේ ඉඳල මේක තමයි මේ රෝහලේ සාමාන්‍ය තත්වය."

 

 

                                                             දරු ප්‍රසුතියකින් පසුව දිවි රැකගත් රබියා සහ දරුවා එරට වාසනාවන්තයින්ගේ ගොන්නට එක්වූහ. මාතෘ සහ ළදරු මරණ අනුපාතිකය ගත්කල ඇෆ්ගනිස්තානය සිටින්නේ නරකම ස්ථානයක ‍ය. ඇෆ්ගනිස්ථානයේ සිදුවන සෑම දරු ප්‍රසුතීන් දස දහසකටම, මව්වරුන් 638 දෙනෙකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සඳහන් කරයි. 2001 පෙර එය පැවැතියේ ඊටත් වඩා නරක මට්ටමක . ඇමරිකානු හමුදා  2001දී රට ආක්‍රමණය කර තාලිබාන් පලවාහැරීමෙන් අනතුරුව රටේ මාතෘ හා ළදරු සෞඛ්‍ය සේවාවන් හි ප්‍රගතියක් පෙන්නුම් කෙරින.

 

                                                           "දැන් පවතින්නේ ඉතාම හදිසි ආපදා මට්ටමක්. බලාපොරොත්තු සුන්වීමක්. මට බරපතල කම තදින්ම දැනෙනවා." එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්‍ෂිකා නතාලියා කානෙම් පැවසුවාය.

 






ඇෆ්ගන් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට ඉතා කඩිනමින් සහන නොලැබුණහොත් මෙවක් පටන් 2025 දක්වා කාලය අතරතුර, ඉහත කී සංඛ්‍යාවට අමතරව තවත් මාතෘ මරණ 51,000ක් සිදු විය හැකි බවත්, කාන්තාවන් මිලියන 4.8කට අනපේක්‍ෂිත ගැබ්ගැනීම් ඇතිවිය හැකි බවත්, දැනට පවතින ප්‍රමාණය මෙන් දෙගුණයකට පවුල් සැලසුම් සායන අහිමි විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ ඇස්තමේන්තු සඳහන් කරයි.

"ඇෆ්ගනිස්ථානය පුරා ප්‍රථමික සෞඛ්‍ය සේවා සියල්ල කඩා වැටෙමින් පවතිනවා... මාතෘ මරණ අනුපාතිකය, ළදරු මරණ අනුපාතිකය අවාසනාවන්ත ලෙස ඉහළ යාවි." මහජන සෞඛ්‍ය සේවා අමාත්‍ය, වෛද්‍ය වහිඩ් මජ්රූ පැවසුවේය. කාබුල් පාලනය තාලිබාන් යටතට පත්වීමෙන් අනතුරුව තනතුර අහිමි නොවූ එකම අමාත්‍යවරයා ඔහුය.

 

 

                                                             ඇෆ්ගන් ජනතාවගේ සෞඛ්‍ය සේවා වෙනුවෙන් තමන් සටන් කරන බවට ඔහු ප්‍රතිඥා දී ඇතත් අතිශය දුෂ්කර සටනකට ඔහුට මුහුණ දීමට සිදුවී තිබේ. රටේ හතර දිග්භාගය අසල්වැසි රටවලට අයත් භූමියකින් අගුළු වැටී ඇති ඇෆ්ගනිස්තානය ලෝකයෙන් වෙන් කෙරෙන තත්වයකට පැමිණ තිබේ. විදෙස් හමුදා රටින් පිටවනවාත් සමඟම තාලිබාන් බලයට පැමිණියේය. සමඟම රටට ගලා එමින් තිබූ විදේශ ආධාර අත්හිටැවුණි. ඇෆ්ගන් සෞඛ්‍ය සේවා පද්ධතිය මුළුමනින්ම පාහේ යැපුණේ විදේශ ආධාර මතය. එක්සත් ජනපදය හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි බටහිර අධාරකරුවන් සඳහන් කරන්නේ, තාලිබාන් අතට මුදල් ලබාදීමේ සහ ව්‍යාකූල තත්ත්වයක පවතින කාබුල් ගුවන්තොටුපළ වෙත ඖෂධ සැපයුම් සිදුකිරීමේ දුෂ්කරතාවයයි. මේ හේතූන් නිසා ජීවිත බේරාගැනීමේ වෛද්‍ය උපකරණ සහ ඖෂධ සැපයුම් ඇනහිට ඇති අතර එය මාතෘ සහ ළදරු සෞඛ්‍ය සේවාවට විශාල බලපෑමක් කර තිබේ. කොරෝනා වසංගතය පවතින අතරතුර මෙවැනි තත්ත්වයක් උදාවීම හේතුවෙන් අවාසනාව දෙගුණ කරයි"කොවිඩ් හතරවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමට කිසිම සුදානමක් නැහැ." වෛද්‍ය මජ්රූ පැවසීය.

 

                                                             රෝහලට ලැබෙන ප්‍රතිපාදන ඇනහිටීම හේතුවෙන් අබිදා සේවය කළ රෝහලේ හදිසි ගිලන් රථ සේවය ඇනහිට තිබුණි. ගිලන් රථය ධාවනය කරවීම සඳහා අවැසි ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීම ඊට හේතුවයි.අබිදාගේ රෝහලේ සිදුවූ අවාසනාවන්ත සිද්ධියක් ඇය මෙසේ විස්තර කළාය. "දවසක් රෑ අම්ම කෙනෙක්ට හදිසියේම අමාරුවෙලා ගිලන් රථයක් ඉල්ලුවා. දරුවා හම්බවෙන්න ආසන්නයි. හොඳටම වේදනාවෙන් පෙළෙමින් හිටියේ. අපිට කියන්න සිද්ධවුනා ටැක්සියක් හොයාගන්න කියල. ඒත් එක ටැක්සියක්වත් තිබුණේ නැහැ."

 

 

                                                                  "අන්තිමට කාර් එකක් හොයා ගන්නකොට පරක්කු වැඩියි. කාර් එක ඇතුළේ දරුවා හම්බවුනා. දරාගන්න බැරි වේදනාවයි, කාරෙක ඇතුළෙ රස්නෙයි නිසා පැය ගානක් යනකල් අම්මට සිහිය නැතුව හිටියෙ. මං හිතුවේ නැහැ අම්මව බේරගන්න පුළුවන් වෙයි කියල. දරුවත් හිටියේ ඉතාම අනතුරුදායක තත්ත්වයක. දෙන්නටම දෙන්න දෙයක් අපි ළඟ තිබුණෙ නැහැ." අබිදා පැවසුවාය.

 

                                                              වාසනාවට, බිළිඳිය නිරෝගීව සිටියාය. මවට දින කීපයක් යනතුරු පහසුකම් රහිත එම රෝහලේම නැවතී සිටින්නට සිදු විය. පසුව රෝහලෙන් නික්ම ගොස් තිබිණ. "මේ පද්ධතිය යථා තත්ත්වයට ගන්න අපි රෑ දවල් දෙකේ එක දිගට වැඩ කරනවා. ඒත් ඒකට මුදල් අවශ්‍යයි." එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්‍ෂිකා නතාලියා කානෙම් පැවසුවාය. "පසුගිය සති කීපය ඇතුළත ඇතිවුණු සිද්ධීන්වලට කලිනුත්, දරු ප්‍රසුතියක් නිසා සෑම පැය දෙකකටම සැරයක් ඇෆ්ගන් කාන්තාවක් මිය යනවා."










 


                                                               ඇෆ්ගනිස්ථානයේ ළමා විවාහ නැතහොත් බාලවයස්කාර ගැහැණු ළමුන් විවාහකර ගැනීම ඉහළ යාමේ අවදානම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනගහන අරමුදලේ බරපතල අවධානයට ලක්වී තිබේ. බාලවයස්කාර ගැබ් ගැනීම් ඉහළ ගියහොත් ළදරු හා මාතෘ මරණ අනුපාතිකය තවදුරටත් ඉහළ යාහැකි බවට ඔවුහු අනතුරු අඟවති.

තාලිබාන් පාලනය යටතේ කාන්තාවන්ට පනවනු ලබන සීමා සහ නීතිරීති හේතුවෙන් කාන්තාව තවදුරටත් පීඩාවට ලක්ව සිටී. ඇෆ්ගනිස්තානයේ බොහෝ ප්‍රදේශවල සිටින කාන්තාවන්ට දැන් නිකාබයෙන් හෝ බුර්කාවෙන්, හිස සහ මුහුණ වසා ගැනීමට සිදු වී තිබේ.

 

                                                             ඊටත් වඩා බරපතළ ලෙස අවධානයට ලක්ව ඇති කාරණයක් වන්නේ කාන්තා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට කාන්තාවන්ට පමණක් අවසර ලබා දිය යුතු බවට බොහෝ රෝහල් සහ වෛද්‍ය සායනවලට නියෝග ලැබී තිබීමය. නම හෙළි කිරීමට අකමැති වූ එක් සෞඛ්‍ය සේවිකාවක බීබීසීයට පැවසුවේ 'කාන්තාවකට ප්‍රතිකාර කිරීමේ වරදට' පිරිමි වෛද්‍යවරයෙකුට තාලිබාන්වරුන් විසින් පහර දෙනු ලැබූ බවය.

මෙම සෞඛ්‍ය සේවිකාව රාජකාරි කරන වෛද්‍ය සායනය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේය.

 

 

                                                          "දොස්තර නෝනා කෙනෙක් නැතිනම්, දොස්තර මහත්තයෙකුට කාන්තාවක් බලන්න අවසර තියෙන්නේ තවත් දෙතුන් දෙනෙක් ඉදිරියේ සිටිනවානම් පමණයි." ඇය පැවසුවාය. පිරිමි භාරකාරයෙකු නොමැතිව කිසිම කාන්තාවකට නිවසින් බැහැරව යාමට තහනම් කොට තිබේ. "මගේ ස්වාමි පුරුෂයා දුප්පත් මිනිහෙක්. ළමයින්ට කන්න දෙන්න එයා දවසම මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා. මට බෙහෙත් ගන්න යනකොට එයාව එක්කරගෙන යන්නේ කොහොමද?" නන්ගාර්හාර් ප්‍රාන්තයේ වෙසෙන සර්මිනා පැවසුවාය. ඇය මාස පහක දරු ගැබක් දරා සිටින්නීය. පිරිමි භාරකරුවෙකු අනිවාර්ය කිරීම හේතුවෙන්, සෞඛ්‍ය සේවිකාවන් හා වෛද්‍යවරියන් සිටින සායනයකටවත් සර්මිනා වැනි කාන්තාවන්ට යා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි අබිදා පවසන්නීය. එමෙන්ම, හේතුව නිසා වෛද්යවරියන්ට හෝ සෞඛ්‍ය සේවිකාවන්ට රාජකාරිය සඳහා යාමට නොහැකි වී ඇති බව ඇය පැවසුවාය.

 

 

 

                                                           ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන අනුව, ඇෆ්ගනිස්තානුවන් 10,000ක් වෙනුවෙන් සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 4.6කි. යම් රටක වෛද්‍යවරුන්ගේ හිඟය ඉතාම උග්‍ර මට්ටමක පවතින බවට නිගමනය කෙරෙන සීමාවට වඩා මෙම ප්‍රමාණය පස්ගුණයකින් පහළ .  ‍තලෙයිබාන් ආගමනයත් සමඟ බොහෝ දෙනා රට හැර යාමත්, රැකියාව අතහැරීමට සිදුවීමත් නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර වීමේ සලකුණු පහළවී තිබේ.

2px presentational grey line

සෞඛ්‍ය සේවිකාවන් නැවත සේවයට පැමිණිය යුතු බව තාලිබාන්වරු පසුගිය අගෝස්තුවේදී ප්‍රකාශ කළ නමුත්, "තමුන්ට හානියක් නොවේයැයි විශ්වාසය තහවුරු කරගැනීම සඳහා කාන්තාවන් තවත් කාලයක් ගනු ඇති" බව වෛද්‍ය මජ්රූ පැවසුවේය.

                                                                            "එක රැයකින් සියල්ල වෙනස් වුනා." නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන නබිසාදා පැවසුවාය. තාලිබාන්වරු කාබුල් නුවර යටත් කරගත් දිනයේ ඇය ගුවන්තොටුපලට වී සිටියේ රටින් පලා යාමටය. නමුත් එය සාර්ථක නොවීය. ඇය සමඟ සේවය කළ බොහෝ දෙනෙකු රටින් පලා ගොස් ඇති අතර එය ඉටු කර ගැනීමට නොහැකි වූ බොහෝ කාන්තාවෝ රැකියාව අතහැර නිවසට වී ආරක්ෂිතව සිටිති.

 

 







 

 

අයේෂා ඛාන්: සංගීතය වෙනුවෙන් නිවස සහ ඇෆ්ගනිස්ථානය හැර ගිය 'ඇෆ්ගන් තරුව'


අයේෂා ඛාන් දුඹුරු පලසක් මත හිඳගෙන සර්පිනාව තාලයට වයමින් ගායනා කරන්නීය. නමුත් ඇය හදිසියේම කඳුළු සලන්නට පටන් ගත්තාය. නමුත් ඇයව සනසන්නට මට වචන නොමැත,

                                                              සති ගණනාවක් පුරා අයේෂා දිවි ගෙවන්නේ ඇෆ්ගනිස්ථානයෙන් පිටත විදෙස් රටක මහල් නිවාසයක කුඩා නිදන කාමරය පමණක් ඇති නිවසකය. තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇයට කාබුල්හි පිහිටි තම නිවස හැර යාමට සිදු විය. සිය මව් රට හැර පලා යන්නට සිදු වූ නමුත් සියල්ලට වඩා ඇය තුළ ඇති කණගාටුව නම් සිය ඉටු නොවූ සිහින අතහැර දමා යන්නට සිදු වීමය.

"මම හිජාබය පැලඳ නොසිටින හෝ සම්පූර්ණයෙන්ම ශරීරය ආවරණය නොකරන මුස්ලිම් ජාතික තරුණියක් නිසා යන හේතු මත මම මව්බිම හැර ගියේ නැහැ," ඇය බීබීසි සේවයට පැවසීය මම කාන්තාවක් මෙන්ම ගායිකාවක් නිසා මට රට හැර යාමට සිදු වුණා."

 

                                                          ඉස්ලාම් ආගම සම්බන්ධයෙන්තලෙයිබාන් සංවිධානයේ පවතින දැඩි අවබෝධය හේතුවෙන් ආගම සම්බන්ධ දේ හැර සජීවී සංගීතය ඇතුළු බොහෝ කලාත්මක ප්‍රකාශන තහනම් කර තිබේ.

නමුත් අයේෂාගේ සිද්ධියේදී තර්ජනය තවත් වැඩි වූයේ ඇෆ්ගන් සමාජය තුළ කාන්තාවන්ට හිමි තැන සම්බන්ධයෙන් තාලිබාන් කණ්ඩායම තුළ ඇති දැඩි ආකල්පත් සමගය. " තලෙයිබාන් සංවිධානය අපට අපේ වෘත්තියෙන් ඉවත් වීමට බල කළා. මේ දිනවල ඇෆ්ගන් කාන්තාවක් වීම දුෂ්කර නමුත් තාලිබාන්වරුන්ට ගායිකාවක් නම් දරාගන්නම බැහැ," අයේෂා පැවසුවාය.

 

                                                            'ඇෆ්ගන් ස්ටාර්' නම් 2018 දී ඉතා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනට සහභාගී වීමෙන් පසු අයේෂා විශාල ලෙස ජනප්‍රියත්වයට පත් වූවාය. ඇය පසුගිය වසර දෙකක කාලය තුළ කාබුල්හි සංගීතය හදාරමින් සිටි අතර සජීවී ප්‍රසංගවල ඉදිරිපත් කිරීම් සඳහා ඇයට විශේෂ දක්ෂතාවක් ඇත.



 

                                                                       'ඇෆ්ගන් ස්ටාර්' වැඩසටහනෙන් පසු අයේෂා විශාල ලෙස ජනප්‍රියත්වයට පත් වූවායඅයේෂා පවසන්නේ තමාට කිසි විටෙකත් සංගීතය අත්හැරිය නොහැකි බවය"මම සංගීතයට ප්‍රිය කරන නිසා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කළා. මට එය අතහැර දමන්න බැහැ" ඇය පැවසුවාය. "මට නම් සංගීතය කියන්නේ ඔබ කවුද, ඔබේ සංස්කෘතිය වගේ දේ ප්‍රකාශ කළ හැකි ක්‍රමයක්. කාන්තාවක් ලෙස අපට හැඟෙන ආකාරය ගැන කථා කිරීම ඇත්තෙන්ම අමාරුයි, නමුත් සෑම කෙනෙකුම සංගීතයට කැමති නිසා අපට එය සංගීතය තුළින් කළ හැකියි."

 

                                                           ඇෆ්ගනිස්ථානය හැර යාමට ඇය ගත් තීරණය එතරම් පහසු නොවීය. දේශසීමා දක්වා ඇති බාධක සහිත ගමනකට මුහුණ දීමට අයේෂා සිය නිවස අතහැර ගොස් ඇත්තේ ඇඳුම් පැළඳුම් පමණක් මල්ලක රැගෙනය.

සංගීතඥයෙකු වීමේ ඇයගේ සිහිනය වන විටත් ඇයගේ පවුල සමඟ තිබූ සම්බන්ධතාවයට බාධාවක් වී තිබිණි. "මම නීති ශිෂ්‍යයාවක්ව සිටියා. මගේ පියා අපව හොඳ පාසල් හා විද්‍යාලවලට ඇතුළත් කළා. නමුත් ඔහුට අවශ්‍ය වුණේ මාව නීතිඥවරියක් කරන්න. ඒත් ගැන මගේ උනන්දුවක් තිබුණේ නැහැ" ඇය පැවසීය.

පවුලේ බිඳවැටීම් පිළිබඳ විස්තර කතා කිරීමට අයේෂා අකමැත්ත පළ කළාය.

නමුත් ඇය පවසන්නේ "සංගීතය වෘත්තියක් ලෙස තෝරා ගැනීමේදී තමා බොහෝ දුෂ්කරතාවන්ට සහ අභියෝගවලට මුහුණ දුන්" බවය.

 

 

‍තලෙයිබාන් ඇෆ්ගන් ගැහැණියගේ ඉරණම

 

ඇෆ්ගනිස්ථානය යළිත් වතාවක්තලෙයිබාන් පාලනයට නතු වී හමාරය. මෙතැන් පටන් එරට සිටින කාන්තාවන්ගේ කලදසාව කෙසේ වේදැයි යන්න පිළිබඳව බොහෝ දෙනා දැන් විමසිලිමත් වෙති.

                                                      ඒ අනුව ගැහැණු ළමුන්ට පාසල් අධ්‍යාපනය අහිමි වේද? රැකියාවක් කිරීමේ නිදහස සීමා වේද? බුර්කාව පැළඳීම අනිවාර්ය වේද? රිය පැදවීම තහනම් වේද? තනිවම නිදහසේ ගමනක් බිමනක් යාමේ අයිතියට වැට බැඳේවිද? තාලිබාන් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ ඇෆ්ගන් කාන්තාවගේ අයිතීන් "ඉස්ලාමීය නීති රාමුව" තුළ රැකෙනු ඇති බවකි.

නමුත් පිළිබඳව වැඩි විස්තර ඉදිරිපත් කළේ නැත.

 

 

                                                           කෙසේ හෝ වේවා, සමස්ත ඇෆ්ගන් ජනතාව "ඉස්ලාමීය නීති රාමුවට" අනුකූලව ජීවත් විය යුතු බව තලිබාන් ප්රකාශක සබිහුල්ලා මුජාහිඩ් අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ රටේ පාලනය තාලිබාන්වරුන් අතට පත්වීමෙන් අනතුරුව පැවති ප්රථම මාධ් හමුවේදී .

මේ අනුව ඇෆ්ගන් කාන්තාවගේ අයිතීන් සහ නිදහස අනතුරට පත්විය හැකි බවට මානව හිමිකම් සංවිධාන බිය පළ කරති.

1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්ථානය පැවැතියේ තාලිබාන් පාලනය යටතේය. එවක රට පාලනය කරන ලද්දේ ෂරියා නීතිය යටතේ ඔවුන් විසින් අර්ථ විවරණය කරන ලද දැඩි නීති රීති පද්ධතියක් හඳුන්වාදීමෙනි.

 

 


                                                                 කාන්තාවට මුළු සිරුරම වැසෙන ආකාරයට බුර්කාව ඇඳීම අනිවාර්ය විය. වයස අවුරුදු 10 පිරීමෙන් අනතුරුව සියලු ගැහැණු දරුවන්ට පාසල තහනම් විය. ඉහත කී මාධ්‍ය හමුවේදී තාලිබාන් ප්‍රකාශකයාට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න රැසක් ගලා එන්නට පටන් ගත්තේය. විශේෂයෙන් ඇෆ්ඝන් කාන්තාව ගැන විමසූහ.

"අපේ (නීති) රාමුවට අනුකූලව කාන්තාවන්ට රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට අවසර දීමට අපි කටයුතු කරනවා." යැයි පිළිතුරු දුන් තාලිබාන් ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ, "අපේ සමාජය තුළ කාන්තාවන් ඉතා සක්‍රිය වනු ඇති" යනුවෙනි.

 

                                                                   නමුත් කාන්තාවගේ ඇඳුම පිළිබඳව සහ ඇයට අවසර ලැබෙන රැකියාවන් පිළිබඳව විමසූ විට ඊට විස්තරාත්මක පිළිතුරක් ඔහු ලබා දුන්නේ නැත. මේ වනවිට තාලිබාන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානය පුරාවට බලපාන පරිදි පොදු සමාවක් ප්‍රකාශයට පත්කර ඇත. තම රජයට කාන්තා දායකත්වය අවශ්‍ය බව ඔවුහු පැවසූහ.නමුත් මෙය අවංක ප්‍රකාශයක්දැයි ඇතැමෙක් ප්‍රශ්න කරති. විශ්ලේෂකයන් පවසන්නේ ඇෆ්ගන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ හිත දිනාගැනීම උදෙසා තාලිබාන් නායකයන් මෙවැනි ප්‍රකාශ කරන බවකි.


                                                                ‍තලෙයිබාවරුන් ලොවට දුන් මෙම පළමු පණිවිඩය පිළිබඳව ඇෆ්ගනිස්ථානය තුළින් මතුවන්නේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

"මම විශ්වාස කරන්නේ නැහැ ඔවුන්ගේ ප්‍රකාශ." රුපවාහිනිය ඔස්සේ මුජාහිඩ් ගේ කතාවට සවන් දුන්, කාබුල් නුවර වෙසෙන කාන්තාවක් බීබීසීයට පැවසුවාය.

"මේක කූට උපායක්. අපිට දඬුවම් කරන්න දාපු ඇමක් මේක. ඔවුන්ගේ නීති යටතේ රැකියාවක් කිරීම හෝ ඉගෙන ගැනීම මම ප්‍රතික්ෂේප කරනවා." තවත් කාන්තාවක් ප්‍රකාශ කළාය.  


 

                                                               මුලදී දෙන පොරොන්දු පිළිබඳව ශුභවාදීව බලන කාන්තාවන් නැත්තේ නොවේ. "අපිට ඉගෙන ගන්නයි, රැකියාවක් කරන්නයි පුළුවන්කම තියෙනවනම්, ඒක තමයි නිදහස කියල කියන්නේ. ඒක තමයි මගේ රතු ඉර. තාලිබාන්වරු තවම රතු ඉර පැනල නැහැ." තවත් ඇෆ්ගන් කාන්තාවක් පැවසුවාය. "මගේ අධ්‍යාපනයයි වැඩ කිරීමේ අයිතියි රැකිලා තියෙන තාක් කල් මම හිජාබයක් අඳින්න අකමැත්තක් නැහැ. මම ඉන්නේ ඉස්ලාමීය රටක; නිසා ඉස්ලාමීය ඇඳුමක් පිළිගන්න මම ලැහැස්තියි. හැබැයි බුර්කාව නොවෙයි. බුර්කාව කියන්නේ ඉස්ලාමීය ඇඳුමක් නොවෙයි."

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තාලිබාන් පාලනයට නතුවීමෙන් දෙදිනකට පසුව ඇතැම් රුපවාහිනී නාලිකාවන් හි වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා නිවේදිකාවන් ඉදිරිපත් වී සිටිනු දක්නට ලැබුණි.











TOLO TV රුපවාහිනී නාලිකාව

 

                                                                බටහිර පන්නයේ වැඩසටහන්වලින් සමන්විත Tolo TV නමැති රුපවාහිනී නාලිකාව කියා සිටියේ සිදු වෙමින් පවතින්නේ කුමක්දැයි යන්න පිළිබඳව පැවති අස්ථාවරත්වය මත තම වැඩසටහන්වලින් නිවේදිකාවන්ඉවත් කළ බවය. අඟහරුවාදා මාධ්‍ය හමුවෙන් අනතුරුව තත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවක් පෙනෙන්නට තිබුණු බවත් එබැවින් රුපවාහිනී තිරය මත කාන්තාවන් යොදාගනිමින් සහ තම සාමාන්‍ය කාර්ය මණ්ඩලය සහිතව පුවත් වාර්තාකරණය සිදුකිරීමට පටන් ගත බවත් Tolo TV ප්‍රවෘත්ති අංශයේ සියාර් සිරාට් පැවසුවාය.

 





Comments

Anonymous said…
Great

Popular Posts